ඇදක් බදා අතිතය ආවර්ජනය වීම

[Gerald's Game]
[2017]

  

    Director - Mike Flanagan

Writers  - Mike Flanagan Jeff Howard

          පිරිමියෙකු හා ගැහැණියෙකු තමාගේ ජීවිතයේ ගැටලූකරී බවින් මිදීම උදෙසා හුදෙකලා ස්ථානයක් වෙත පියමනි. ඔහු සහ ඇය යන්නේ කිසිවෙනුගේ හෝ හඩක් පවා නොමැති ප‍්‍රදේශයක් සොයා ය. ඒ තමාගේ ජීවිතයේ අතපවූ වූ අවුල් වී ගිය ජීවිතය ලිංගිකමය ජීවිතය සොයමින්ය. පිමියා මෙන්ම ගැහැණිය ද, මේ මෙහෙත සදහා සූදානම් වන්නේ ඉතා පරිස්සමින්ය. ඔවුන් යන මාර්ගයේ අහඹුලෙස මුණ ගැසෙන මස්කන බල්ලා සිනමා නිර්මාණය පුරාම, කේද්‍රීය චරිත නිරූපනයක් සිදුකරයි යැයි අධ්‍යක්‍ෂවරයා පළමු දර්ශනයෙන්ම පේ‍්‍රක්‍ෂකයා වෙත සන්නිවේදනය කරනු ලබයි. බල්ලා සමග දැඩි බැදීමක් ඇති කරගන්නා කාන්තාව ශීතකරණයේ තිබූ $200 මස් පෙත්තක් සුනඛයා වෙනුවෙන් ලබා දෙයි. ස්වාමියා ඇයට, මස් පෙත්තේ මිල නැවත නැවත මතක් කරමින් ඇයව නිවස තුළට රැගෙන යන්නේ තමන්ගේ පැමිණි මුඛ්‍ය අරමුණ සදහාය. මෙහිදී අධ්‍යක්‍ෂවරය විසින් ඉදිරීයේ ඒමට නියමිත සංසිද්ධින් පිළිබදව පුර්වයේ යම් ඉගියක් ලබා දෙයි. ඔවුන් දෙදෙනා නිවසට ඇතුලූවීමේ දී නිවසේ දොර වසන්නේ නැත. එය අධ්‍යක්‍ෂකවරයා විසින් නැවත උලූප්පා දක්වනු ලබයි.

           ලිංගික උත්තේජකයක් ලබා ගන්නා පිරිමි පුද්ගලයා, තමන් තමන්ගේ ගමන් මල්ලේ දමාගෙන ආ, මාංචු දෙක කාන්තාවගේ අත්වලට දමා, ඇදවිට්ටමට සවිකරනු ලබයි. ආදරයෙන් ආලිංගනය කරන කාන්තාව පිරිමියාගේ දැඩි හැසිරීම නිසා මොහෙතකදී ඔහුගේ ක‍්‍රියාකලාපයට විරුද්ධ වෙයි. ඔහු එය ගණන් නොගෙන ඇය හා ලිංගිකව හැසිරීමට උත්සහ කරයි. ඇය දැඩිසේ විරුද්ධ වෙයි. සිනමා කෘතියේ පලමු ගැටුම හටගන්නේ මේ අවස්ථාවේ දීය. ඒ පිරිමියාට හෘදයාබාධයක් වැලදෙයි. ඔහු එක්වරම ඇද වැටී මිය යයි. ඒ  ඔහුකරන ලබන විහිලූවක් ලෙස ඇය ඔහු නැගිට්ටිමට උත්සහ කරයි ඇයට ඔහුවෙත ලගාවීමට නොහැක. ඇය ඇදේ විලංගුලාගෙන සිටි. තමන්ගේ ස්වාමියා හෘදයාබාධයක් වැළදී තමා ඉදිරිපිට වැඩි ඇත. කිසි දෙයක් කරගැනීමට නොහැකිව තමන් උබතෝකෝටික ප‍්‍රශ්ණයකට මැදිහත්ව සිටි. ඒ තමාට ඔහුවෙත ලගාවීමට නොහැකිවීම නිසාය. කතාව ඉදිරියට ගමන් කරන්නේ ඇයගේ විලංගුලා සිටීම පාදක කරගෙනය. ඇය කෑගසයි. එහෙත් ප‍්‍රතිපලයක් නොමැත. ගව්ගනනක් දුරට කිසිවෙකු නොමැත. එක්වරම කවුරුන් හෝ තමා සිටින ස්ථානයට ඇතුලූවන බව ඇයට දැනෙයි. ඒ තමා කෑමදුන් ඔවුන් එන මාර්ගයේ සිටි සුනඛයාය. ඇයගේ බලාපොරොත්තු බිදී යයි. සුනඛයා ඉදිරියට පැමිණෙයි. ජෙරල්ඞ්ගේ ශරීරයට ඔහු ඉව අල්ලයි. ඇය කෑගසයි. අතේ දුරෙන් ඇති පොතකින් පවා සුනඛයාට පහර දෙයි ප‍්‍රතිපලයක් නොමැත. සුනඛයා ජෙරල්ඞ්ගේ අතින් කොටසක් කඩාගෙන තලූමරයි. එක්වරම ජෙරල්ඞ් නැගී සිටි. ජෙසීට අදහා ගැනීමට නොහැකි වෙයි. ජෙරල්ඞ් වේදනාවෙන් සුනඛයා විසින් සපා මස්කෑතමන්ගේ අත අල්ලාගෙන නැගී සිටී. ඔහු ජෙසිට චෝදනා කරයි, සුනඛයා විසින් තමන්ගේ අත කෑම පිළිබ`දව. ඇය වැරුද්ධ පිළිගනිමින් සුනඛයා දෙස බලයි. එවිට ඇය දකින්ගේ තවමන් බිම වැටී සිටින ජෙරල්ඞ්වයි. ඇය පුදුමයෙන් බලා සිටී. මේ නැගී සිටින්ගේ තමාගේ මනස අභ්‍යන්තයේ වූ ජෙරල්ඞ් ය. ඔහු ඇයවෙත ලිංගික ජීවිතයේ වීවිධ වූ දෑ කියමින් ඇයව  ආවර්ජනය කරනු ලබයි. ඔවුන් දෙදෙනා අතර විවිධ වූ සංවාද කරනු ලබයි. ඒ සංවාද චිත‍්‍රපටයේ ඉදිරි පෙළ නිර්මාණය කරනු ලබයි. ඒවරම ඇයට එක්අතක මංචුවක් කලවා ගැනීමට හැකිවෙයි. ඇය අනෙත් අතේ මංචුවද ගලවා ගනී. ඇය ඇද දෙස බලන විට ඇය දකින්නේ ඇය තාමත් ඇදේ විලංගු ලා සිටින ආකාරයයි. මංචු වලින් ගැලවී ගොස් තිබෙන්නේ තමාගේ අභෞතික ශරීරය යි.



Comments

Popular Posts