DHARMASENA PATHIRAJA

ධර්මසේන පතිරාජ 
[1943 - 2018 ]


          විප්ලවීය සිනමාකරුවා නොහෙක් වම් ඉවුරේ සිනමාකරු ය. 1943 මාර්තු මස 28 දින මහනුවර දී උපත ලබන ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඔස්ටෙි‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපධිය ලබා ගත්තෙකි. දේශිය සිනමාවේ යථාර්තවාදී  දේශපාලනිය සන්දර්භයක සිට ස්වකීය ප‍්‍රකාශනය සිනමා මාධ්‍ය මගින් සිදුකරනු ලැබීය. අහස්කව්වෙන් ඇරෙඹෙන ඔහුසේ සිනමා ජීවිතය ඔහු අවසන් කරන්නේ ස්වරූප සිනමා කෘතියෙනි. සිනමා කෘති 11 ඔහුගේ අතින් සිනමාවට නගා ඇති අතර එකී සිනමා කෘති දේශීය සිනමාවේ ගමන් මග පිළිබදව සදහන් කිරීමේ දී අමතක නොකළ හැකි සිනමා කෘතින්ය. 
සිනමා කෘති
  • 1968   -   සතුරෝ
  • 1974   -   අහස් ගව්ව
  • 1975   -   එයා දැන් ලොකු ළමයෙක්
  • 1978   -   පොන්මනි
  • 1978   -   බඹරු ඇවිත්
  • 1980   -   පාර දිගේ
  • 1981   -   සොල්දාදු උන්නැහෙ
  • 1994   -   වාසුලි
  • 2001   -   මතුයම් දවස
  • 2016   -   සක්කාරං
  • 2017   -   ස්වරූප

ටෙලි නාට්‍ය
1985      ගඟුලෙන් එතෙරට
1986      මායා මන්දිර
1988      ඇල්ල ළඟ වලව්ව
1989      වන්නි හාමිලාගේ කතාව
1989      සුදු බණ්ඩෙලාගේ කතාව
1989      පුර සක්මන
1992      කඩුල්ල
1993      සුබ අනාගතයක්
1994       නාඳුනන පුත්තු
1996      දුර්ගාන්තය
2009     කම්පිත විල්

අහස් ගව්ව

              1974 වර්ෂයේ දී තිරගත වන අහස්ගව්ව, විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, ස්වර්ණා මල්ලවාරච්චි, විමල් කුමාරද කෙස්තා යන රංගන ශිල්පින් රංගනයේ යෙදෙයි. නාගරික පහළ මධ්‍යම පන්තිය පිළිබදව ස්වකීය සිනමා කෘතිය තුළින් ගෙනහැර දක්වනු ලබයි. එකල පැවති සිනමා කෘතිවල ස්වරූපට වඩා වෙනස්ස වූ දෘශ්ටියකින් තමන්ගේ සිනමා භාෂාව හා ප‍්‍රකාශන සිදුකිරීමට අහස් ගව්ව තුළින් පතිරාජට හැකිවනු ඇත. නාගරිකත්වයේ සිටින මිනිසුන්ගේ ජීවිතය පිළිබදව නවුම් වූ පරිඥානයකින් විධාරණය කරන පතිරාජ හොදම චිත‍්‍රපටය, හොදහ අධ්‍යයක්‍ෂණය, හොදම නාලුවා යන සම්මාන ගණනාවකි පිදුම් ලබනු ලබයි.

එයා දැන් ලොකු ළමයෙක්

Comments