ඇදක් බදා අතිතය ආවර්ජනය වීම
[Gerald's Game] [2017] Director - Mike Flanagan Writers - Mike Flanagan Jeff Howard පිරිමියෙකු හා ගැහැණියෙකු තමාගේ ජීවිතයේ ගැටලූකරී බවින් මිදීම උදෙසා හුදෙකලා ස්ථානයක් වෙත පියමනි. ඔහු සහ ඇය යන්නේ කිසිවෙනුගේ හෝ හඩක් පවා නොමැති ප‍්‍රදේශයක් සොයා ය. ඒ තමාගේ ජීවිතයේ අතපවූ වූ අවුල් වී ගිය ජීවිතය ලිංගිකමය ජීවිතය සොයමින්ය. පිමියා මෙන්ම ගැහැණිය ද, මේ මෙහෙත සදහා සූදානම් වන්නේ ඉතා පරිස්සමින්ය. ඔවුන් යන මාර්ගයේ අහඹුලෙස මුණ ගැසෙන මස්කන බල්ලා සිනමා නිර්මාණය පුරාම, කේද්‍රීය චරිත නිරූපනයක් සිදුකරයි යැයි අධ්‍යක්‍ෂවරයා පළමු දර්ශනයෙන්ම පේ‍්‍රක්‍ෂකයා වෙත සන්නිවේදනය කරනු ලබයි. බල්ලා සමග දැඩි බැදීමක් ඇති කරගන්නා කාන්තාව ශීතකරණයේ තිබූ $200 මස් පෙත්තක් සුනඛයා වෙනුවෙන් ලබා දෙයි. ස්වාමියා ඇයට, මස් පෙත්තේ මිල නැවත නැවත මතක් කරමින් ඇයව නිවස තුළට රැගෙන යන්නේ තමන්ගේ පැමිණි මුඛ්‍ය අරමුණ සදහාය. මෙහිදී අධ්‍යක්‍ෂවරය විසින් ඉදිරීයේ ඒමට නියමිත සංසිද්ධින් පිළිබදව පුර්වයේ ය...
